මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව

ජාතික මාර්ග පද්ධතියට ක්‍රමවත්ව සම්බන්ධවන්නා වූත්, ග්‍රාමීය මාර්ග ඡාලය සමඟ කාර්යක්ෂමව ක්‍රියාත්මක වන ලෙසත්, පළාත් මාර්ග පද්ධතිය නිර්මාණය කිරීම හා වැඩිදියුණු කොට ඉහළ ගුණාත්මකභාවයක් සහිත පළාත් මාර්ග පද්ධතියක් ඇති කිරීම හා එහි නඩත්තුව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ඉංජිනේරුමය හා උපදේශනාත්මක සේවා සැපයීම මෙම දෙපාර්තමේන්තුවේ මූලික අරමුණ වේ.

පළාත් මාර්ගවල ව්‍යාප්තිය

පළාත් මාර්ග පද්ධතිය කිලෝ මීටර් 2246 ක දුර ප්‍රමාණයකින් සමන්විත වූ අතර, එයින් කි.මී. 1551 ක් දිග වූ මාර්ග 253 ක් කුරුණැගල දිස්ත්‍රික්කය තුල ද , කි.මී 695 ක් දිග වූ මාර්ග  157 ක් පුත්තලම දිස්ත්‍රික්කය තුල ද පිහිටා ඇත.

පළාත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත කිලෝමීටර් 505 ක දිගකින් යුත් ප්‍රාදේශීය සභා මාර්ග 166 ක් පළාත් සභාවට 2013 වර්ෂයේ පවරා ගැනුණි. ඒ අනුව මේ වන විට සමස්ථ පළාත් මාර්ග පද්ධතිය කිලෝමීටර් 2751 කින් සමන්විත වේ. එය පහත දක්වා ඇති ආකාරයට විධායක ඉංජිනේරු කොට්ඨාශ තුල පිහිටා ඇත.

දිස්ත්‍රික්කය

විධායක ඉංජිනේරු කොට්ඨාශය

දුර (කි.මී)

දිස්ත්‍රක් එකතුව (කි.මී)

කුරුණෑගල

කුරුණැගල

466.26

1737.98

කුලියාපිටිය

512.38

මහව

447.67

වාරියපොල

311.67

පුත්තලම

හලාවත

546.03

1013.06

ආණමඩුව

466.03

එකතුව

2751.04